Tuesday, February 14, 2023

                                          How can i be a good sportsman? 

Do you like to be a good sportsman? 

What is good Sportsmanship?

Good sportsmanship is when people who are playing or watching a sport treat each other with respect. This includes players, parents, coaches, and officials.

There are lots of ways you can be a good sportsman. You can,

  • Have a positive attitude.
  •  Give your best effort.
  • Shake hands with the other team before and after the game.
  • support teammates by saying good shot or good try.
  • Accept calls and don't argue with officials.
  • Follow the rules of the game.
  • Help another player who has fallen.
  • Take pride in winning but don't rub it in.


Thursday, May 20, 2021

How to use Enanapiyasa

Visit Enanpiyasa Now -- https://www.enenapiyasa.lk





දරුවනි,

10-11 ශ්‍රේණි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඩම්ද ඔබට ඉ-නැනපියසෙන් ලබා ගත හැක

Grade 11 ICT-Internet and E-mail Questions

    

    11 ශ්‍රේණිය

3-අන්තර්ජාලය

        01.අන්තර්ජාලය යනු කුමක්ද?

        02.ලොව ප්‍රථම පරිගණක ජාලය කුමක්ද?

        03.අන්තර්ජාලය සම්බන්ධතාවයක් ලබා ගැනීමට අවශ්‍ය උපාංග සහ            සේවා 4 ක් ලියන්න.

        04.URLඑකක් යනු කුමක්ද?

        05.ISPයනු කවුද?උදාහරණ 2ක් ලියන්න.

        06.IPලිපිනයක් යනු කුමක්ද?IPලිපිනයක් ලියා දක්වන්න.

        07.පහත දැක්වෙන වසම් නාම ක්ෂේත්‍රය හා රට අනූව වෙන වෙනම               ලියා දක්වන්න.

        .com                           .jp                                       .au

        .in                               .org                                     .us

        .cn                              .edu                                     .lk

        .net                             .gov                                        

        08.  http://www.edupub.gov.lk/e-books/english/ict.pdf මෙම                  URL එකෙහි වසම් නාමය සහ ඉහල වසම්නාමය 

           වෙන් කර ලියා දක්වන්න.

        09.පහත දැවෙන නියමාවලීන් වල කාර්යය ලියන්න.

           HTTP            TCP/IP            FTP   

         SMTP            ICMP

                                                                                             

        10.අන්තර්ජාලයේ සේවාවන්  3ක් ලියන්න.

        11.ලෝක ව්‍යාප්ත වියමනෙහි නිර්මාතෲ කවුරුන්ද?

        12.ලෝක ව්‍යාප්ත වියමන යනු කුමක්ද?

        13.ලෝක ව්‍යාප්ත වියමනෙහි අඩංගු ගොනු වර්ග මොනවාද?

        14. Web අඩවියක මුල් පිටුව කුමන නමකින් හඳුන්වයිද?

        15.දුරස්ථ පිවසුම් පරිශීලකයෙකුගෙන් අවසරයක් නොමැතිව පිවිසීම              කුමන නමකින්   හඳුන්වයිද?

        16.විශාල ප්‍රමාණයේ ගොනු විද්‍යුත් තැපෑල හරහා හුවමාරු කල                 නොහැක.ඒ සඳහා භාවිතා    කලහැකි වෙනත්   ක්‍රමවේදයක්                     ලියන්න.

        17.සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කර එවැනි                 සෙවුම් යන්ත්‍ර 2 URL   ලියා දක්වන්න.

        18.විද්‍යුත් තැපෑල ,සාමාන්‍ය තැපෑලට සාපේක්ෂව වාසිදායක වේ.ඔබ         මෙයට එකඟ වන්නේද?            එසේනම්    හේතු පැහැදිලි කරන්න.

       19.පහත දැක්වෙන e-mail ලිපිනයෙහි පරිශීලක නාමය ලියා                     දක්වන්න.

            waharakamv@gmail.com


       20.පහත ප්‍රකාශනවල √ ,Xසඳහන් කරන්න.

                To –Myclass@gmail.com

                Cc-kasun@gmail.com

                Bcc-Sunil@gmail.com,Anura@yahoomail.com


              Kasun හට ලිපියක් යැවූ බව Anura හට දිස්වේ     ..................



               Anura හට ලිපියක් යැවූ බව Sunil හට දිස්වේ        .................                Myclass හට ලිපියක් යැවූ බව kasun හට දිස්වේ   ..................

            21.DNSයනු කුමක්ද?එහි කාර්යය ලියන්න.

 

 

Tuesday, November 17, 2020

 තොරතුරු සන්නිවේදන තාක්ෂණය


මිනිසා තමන්ගේ සකලවිධ කාර්යයන් ඉතා පහසුවෙන්කඩිනමින් මෙන්ම ඉතාමත් නිවැරදිව කරගැනීම සඳහා තනාගන්නා ලද උපකරණ අතර සුවිශේෂී තැනක් ගන්නා උපකරණය කුමක්දැයි කියා ඔබගෙන් කිසිවකු ඇසුවොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්දපරිගණකය යනු ඔබ බොහෝ දෙනෙකු ලබා දෙන පිළිතුර වේ.
                එසේනම් එම අසම සම උපකරණය භාවිතයෙන් තමා රුස්කරගත් තොරතුරු ගබඩා කරගනිමින්ඒවා තමාට අවැසි පරිදි නැවත නැවත සකස් කරමින් ඒවා සම්පේ‍්‍රෂණය කරම්න් හා ඊට අදාළ ප‍්‍රතිචාර ලබා ගනිමින් තම කාර්යයන් පවත්වා ගැනීම සඳහා සන්නිවේදන තාක්ෂණය ද මුසුකරගනිමින් කරන්නා වූ කාර්යය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුලින් අප සාකච්ඡා කෙරේ.

මෙහිදී 
  • පරිගණක තාක්ෂණය (Computer Technology) 
  • සන්නිවේදන තාක්ෂණය (Communication Technology) හා 
  • තොරතුරු කළමණාකරණය  (Information management) 

          යන විෂය පථයන් කිහිපයෙහිම සංකලනයක් ලෙස 
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැඳින්විය හැකිය.   


පරිගණකයක් යනු කුමක්ද?

         අප ලබා දෙන සකස් නොකල දත්ත හා විධානයන්ට අනුව දත්ත සකස් කොට තොරතුරු ලබා දෙන සහ ඒවා ගබඩාකර තබාගතහැකි විද්‍යුත් උපකරණයක් පරිගණකයක් ලෙස හඳුන්වයි.


පරිගණකයේ වැදගත්කම

01. වේගවත් බව (Speed)
02. නිවැරදි බව (Accuracy)
03. විශ්වාසවන්තභාවය (Reliability)
04. නම්‍යශීලීභාවය (Flexibility)
05. ආර්ථික වාසිදායක බව (Economical)
06. වෙහෙසට පත් නොවීම (Deligency)


  
තොරතුරු හා සන්නිවේදනය භාවිතා වන ක්ෂේත‍්‍ර (Fields of Using ICT)

01. අධ්‍යාපන ක්ෂේත‍්‍රය
              බහුමාධ්‍ය තාක්ෂණය (Multimedia Technology)
              දුරස්ථ අධ්‍යාපනය  (Distance Learning)
              විද්‍යුත් ඉගෙනුම (e-learning)
              පරිගණක  ආධාරක ඉගෙනුම (CAL)
              පරිගණක ආධාරක ඉගැන්වීම  (CAT)
              වෙබ් ආධාරක ඉගැන්වීම (WBT)

02. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය
        CT Scanners , MRI Scanners, ECG, EEG

03. මූල්‍ය ක්ෂේත‍්‍රය
        ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (Automated Teller Machine)
          Telebanking , Phonebanking, Net-banking
         Credit Card Reader, Bar code Reader, MICR

04. සන්නිවේදන ක්ෂේත‍්‍රය
            ජංගම දුරකතනයගුවන් විදුලියරූපවාහිනියපුවත්පත්,

05. ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය
           ආගමන විගමන දෙපාර්තමේන්තුව 
           මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව 
           රියදුරු බලපත් නිකුත් කිරීමේ දෙපාර්තමේතුව
           ගුවන් ගමන් පාලනය,   
           ගුවන් ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම,   
           ආසන වෙන්කිරීම

06. ඉදිකිරීම් ක්ෂේත‍්‍රය
        Planning (Auto Cad) , Estimating , Designing

07. ආරක්ෂක ක්ෂේත‍්‍රය
            මිසයිල හැසිරවීම 
            න්‍යෂ්ඨික බලාගාර හැසිරවීම,
            බුද්ධි තොරතුරු එක්රුස්කිරීම හා විශ්ලේෂණය කිරීම

CT හා MRI Scanner අතර වෙනස

 

  CT හා MRI Scanner අතර වෙනස

  •  CT (CAT) යනු Computed (Axial) Tomography වන අතර MRI යනු Magnetic Resonance Imaging වේ. 

  • CT Scanner සාමාන්‍යෙයන් භාවිත කරන්නේ අස්ථිවල, පෙනහලුවල, පපුව ආශ්‍රිතව පරීක්ෂණ කිරීම සදහා අවශ්‍ය පින්තූර ලබා ගැනීමටයි. නමුත් MRI scanner සාමාන්‍යෙයන් භාවිත කරන්නේ අස්ථි සන්ධිවල ඇතිවන හානි, ස්නායු වල ඇතිවන හානි හා මොලයේ ඇතිවන වායුගෙඩි වැනි ඉතා සියුම්ව ඡායාරූප ලබාගත යුතු පරීක්ෂණ සදහාය.

  •  CT Scan එකකදී විශාල ලෙස විකිරණ පිට කිරීමක් සිදුවන නිසා මෙය ශරීරයට ඉතා සියුම් බලපෑමක් ඇත. නමුත් MRI Scan එකකදී එසේ විකිරණ පිටවීමක් සිදු නොවේ. මේ නිසා ශරීරයට එතරම් බලපෑමක් නැත. 

  • CT Scan එකක් කිරීමට සාමාන්‍යෙයන් විනාඩි 5 ක් වැනි කාලයක් ගතවුනද MRI Scan එකක් කිරීමට සාමාන්‍යෙයන් විනාඩි 30 ක් පමණ ගතවේ. 

  • CT Scan එකකදී ගෙවන ගාස්තුව MRI Scan එකකදී ගෙවන ගාස්තුවට වඩා අඩුය.

     මෙම විස්තරය අන්තර්ජාලය ඔස්සේ පළවන ලිපි ඇසුරින් පරිවර්තනය කර සකස් කරන ලද්දකි. මෙහි දෝෂ ඇතොත් අපහට දන්වන්න. ඔබගේ Comments අපි අගේ කොට සලකමු.
    CT Scanner

    MRI Scanner

    තොරතුරු

     

    තොරතුරු
    ලබන්නාට කිසියම් අර්ථයක් ගෙන දෙන පරිදි ක‍්‍රමානුකූල ව සකස් කරන ලද දත්ත තොරතුරු ලෙස හඳුන්වනු ලැබේ.
    තොරතුරු භාවිත කරමින් තීරණ ගැනීම හෝ එසේත් නොමැති නම් නිගමනවලට එළඹීමට හෝ හැකි වන අතර එසේ නිගමනවලට එළඹීමේ දී දත්ත කිසියම් සකස් කිරීමකට භාජනය කළ යුතුවේ. එසේ සකස් නොකරන ලද දත්තවලින් නිවැරැදි නිගමනවලට එළඹීම ඉතා අසීරු කාරණයකි.

      ආදානය                                                 සැකසීම                                               ප්‍රතිදානය
        දත්ත       -----------------------   අර්ථාන්විත ආකාරයට    -----------------------   තොරතුරු
                                                               සකස් කිරීම
    තොරතුරු සඳහා අරමුණක් ඇත. යම්කිසි තොරතුරක් සඳහා එහි අවශ්‍යතාවය ඇති පුද්ගලයෙකුට සඳහා ප්‍රවේශ වීමට හැකි විය යුතුය. යම් තොරතුරක් යම්කිසි අයෙකුට අදාළ නොවීමට වෙනත් පුද්ගලයෙකුට අදාළ වීමට  හැක. උදාහරණයක් වශයෙන් දෛනික විනිමය අනුපාත පිළිබඳ විස්තර රූපලාවන්‍ය ශිල්පිනියකට අදාල නොවිය හැක.

    තොරතුරුවල සුවිශෙaෂතා

    තොරතුරු පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී ඒවායේ වැදගත්කම තීරණය කිරීම සඳහා පහත සඳහන් කරුණු උපයෝගී වනු ඇත.
    තොරතුරු සැම විටම
    • අදාළ කාර්යය සඳහා උචිත විය යුතු ය.
    • අදාළ කාර්යය සඳහා ප‍්‍රමාණවත් විය යුතු ය.
    • අදාළ කාර්යය සඳහා නිවැරැදි විය යුතු ය.
    • භාවිත කරන්නාට පැහැදිලි ව තේරුම් ගත හැකි විය යුතු ය.
    • භාවිත කරන්නාට විශ්වාස කළ හැකි විය යුතු ය.
    • නිවැරැදි පුද්ගලයා වෙතට ළඟා විය යුතු ය.
    • නියමිත වේලාව වන විට දී සකස් වී (සූදානම් වී) තිබිය යුතු ය.
    • නිශ්චිත වටිනාකමකින් යුක්ත විය යුතු ය.
        යම් තොරතුරකට වටිනාකම (Value) නිර්ණය කරනු ලබන්නේ එහි අදාළත්වය (relevance) පදනම් කර ගෙනය. තොරතුරු වල වටිනාකම කාලයත් සමඟ අඩුවන බව තේරුම් ගත යුතුය. ඒවායේ ඉහළම වටිනාකම ඇත්තේ ඒවා සැකසූ සැණින්ය. මේ අනුව අපට තොරතුරු සඳහා ‘‘ස්වර්ණමය නීතිය’’  ("Golden Rule") අර්ථ දැක්විය හැක.
    තොරතුරු වල උපරිම වටිනාකම කාලය ශුන්‍ය අවස්ථා‍වේදී පවතී.