තොරතුරු
ලබන්නාට කිසියම් අර්ථයක් ගෙන දෙන පරිදි ක‍්‍රමානුකූල ව සකස් කරන ලද දත්ත තොරතුරු ලෙස හඳුන්වනු ලැබේ.
තොරතුරු භාවිත කරමින් තීරණ ගැනීම හෝ එසේත් නොමැති නම් නිගමනවලට එළඹීමට හෝ හැකි වන අතර එසේ නිගමනවලට එළඹීමේ දී දත්ත කිසියම් සකස් කිරීමකට භාජනය කළ යුතුවේ. එසේ සකස් නොකරන ලද දත්තවලින් නිවැරැදි නිගමනවලට එළඹීම ඉතා අසීරු කාරණයකි.
ආදානය සැකසීම ප්‍රතිදානය
දත්ත ----------------------- අර්ථාන්විත ආකාරයට ----------------------- තොරතුරු
සකස් කිරීම
තොරතුරු සඳහා අරමුණක් ඇත. යම්කිසි තොරතුරක් සඳහා එහි අවශ්‍යතාවය ඇති පුද්ගලයෙකුට, ඒ සඳහා ප්‍රවේශ වීමට හැකි විය යුතුය. යම් තොරතුරක් යම්කිසි අයෙකුට අදාළ නොවීමට ද, වෙනත් පුද්ගලයෙකුට අදාළ වීමට ද හැක. උදාහරණයක් වශයෙන් දෛනික විනිමය අනුපාත පිළිබඳ විස්තර රූපලාවන්‍ය ශිල්පිනියකට අදාල නොවිය හැක.
තොරතුරුවල සුවිශෙaෂතා
තොරතුරුවල සුවිශෙaෂතා
තොරතුරු පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී ඒවායේ වැදගත්කම තීරණය කිරීම සඳහා පහත සඳහන් කරුණු උපයෝගී වනු ඇත.
තොරතුරු සැම විටම
- අදාළ කාර්යය සඳහා උචිත විය යුතු ය.
- අදාළ කාර්යය සඳහා ප‍්‍රමාණවත් විය යුතු ය.
- අදාළ කාර්යය සඳහා නිවැරැදි විය යුතු ය.
- භාවිත කරන්නාට පැහැදිලි ව තේරුම් ගත හැකි විය යුතු ය.
- භාවිත කරන්නාට විශ්වාස කළ හැකි විය යුතු ය.
- නිවැරැදි පුද්ගලයා වෙතට ළඟා විය යුතු ය.
- නියමිත වේලාව වන විට දී සකස් වී (සූදානම් වී) තිබිය යුතු ය.
- නිශ්චිත වටිනාකමකින් යුක්ත විය යුතු ය.
යම් තොරතුරකට වටිනාකම (Value) නිර්ණය කරනු ලබන්නේ එහි අදාළත්වය (relevance) පදනම් කර ගෙනය. තොරතුරු වල වටිනාකම කාලයත් සමඟ අඩුවන බව තේරුම් ගත යුතුය. ඒවායේ ඉහළම වටිනාකම ඇත්තේ ඒවා සැකසූ සැණින්ය. මේ අනුව අපට තොරතුරු සඳහා ‘‘ස්වර්ණමය නීතිය’’ ("Golden Rule") අර්ථ දැක්විය හැක.
“තොරතුරු වල උපරිම වටිනාකම කාලය ශුන්‍ය අවස්ථාවේදී පවතී.”
No comments:
Post a Comment