Tuesday, November 17, 2020

 තොරතුරු සන්නිවේදන තාක්ෂණය


මිනිසා තමන්ගේ සකලවිධ කාර්යයන් ඉතා පහසුවෙන්කඩිනමින් මෙන්ම ඉතාමත් නිවැරදිව කරගැනීම සඳහා තනාගන්නා ලද උපකරණ අතර සුවිශේෂී තැනක් ගන්නා උපකරණය කුමක්දැයි කියා ඔබගෙන් කිසිවකු ඇසුවොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්දපරිගණකය යනු ඔබ බොහෝ දෙනෙකු ලබා දෙන පිළිතුර වේ.
                එසේනම් එම අසම සම උපකරණය භාවිතයෙන් තමා රුස්කරගත් තොරතුරු ගබඩා කරගනිමින්ඒවා තමාට අවැසි පරිදි නැවත නැවත සකස් කරමින් ඒවා සම්පේ‍්‍රෂණය කරම්න් හා ඊට අදාළ ප‍්‍රතිචාර ලබා ගනිමින් තම කාර්යයන් පවත්වා ගැනීම සඳහා සන්නිවේදන තාක්ෂණය ද මුසුකරගනිමින් කරන්නා වූ කාර්යය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුලින් අප සාකච්ඡා කෙරේ.

මෙහිදී 
  • පරිගණක තාක්ෂණය (Computer Technology) 
  • සන්නිවේදන තාක්ෂණය (Communication Technology) හා 
  • තොරතුරු කළමණාකරණය  (Information management) 

          යන විෂය පථයන් කිහිපයෙහිම සංකලනයක් ලෙස 
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැඳින්විය හැකිය.   


පරිගණකයක් යනු කුමක්ද?

         අප ලබා දෙන සකස් නොකල දත්ත හා විධානයන්ට අනුව දත්ත සකස් කොට තොරතුරු ලබා දෙන සහ ඒවා ගබඩාකර තබාගතහැකි විද්‍යුත් උපකරණයක් පරිගණකයක් ලෙස හඳුන්වයි.


පරිගණකයේ වැදගත්කම

01. වේගවත් බව (Speed)
02. නිවැරදි බව (Accuracy)
03. විශ්වාසවන්තභාවය (Reliability)
04. නම්‍යශීලීභාවය (Flexibility)
05. ආර්ථික වාසිදායක බව (Economical)
06. වෙහෙසට පත් නොවීම (Deligency)


  
තොරතුරු හා සන්නිවේදනය භාවිතා වන ක්ෂේත‍්‍ර (Fields of Using ICT)

01. අධ්‍යාපන ක්ෂේත‍්‍රය
              බහුමාධ්‍ය තාක්ෂණය (Multimedia Technology)
              දුරස්ථ අධ්‍යාපනය  (Distance Learning)
              විද්‍යුත් ඉගෙනුම (e-learning)
              පරිගණක  ආධාරක ඉගෙනුම (CAL)
              පරිගණක ආධාරක ඉගැන්වීම  (CAT)
              වෙබ් ආධාරක ඉගැන්වීම (WBT)

02. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය
        CT Scanners , MRI Scanners, ECG, EEG

03. මූල්‍ය ක්ෂේත‍්‍රය
        ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (Automated Teller Machine)
          Telebanking , Phonebanking, Net-banking
         Credit Card Reader, Bar code Reader, MICR

04. සන්නිවේදන ක්ෂේත‍්‍රය
            ජංගම දුරකතනයගුවන් විදුලියරූපවාහිනියපුවත්පත්,

05. ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය
           ආගමන විගමන දෙපාර්තමේන්තුව 
           මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව 
           රියදුරු බලපත් නිකුත් කිරීමේ දෙපාර්තමේතුව
           ගුවන් ගමන් පාලනය,   
           ගුවන් ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම,   
           ආසන වෙන්කිරීම

06. ඉදිකිරීම් ක්ෂේත‍්‍රය
        Planning (Auto Cad) , Estimating , Designing

07. ආරක්ෂක ක්ෂේත‍්‍රය
            මිසයිල හැසිරවීම 
            න්‍යෂ්ඨික බලාගාර හැසිරවීම,
            බුද්ධි තොරතුරු එක්රුස්කිරීම හා විශ්ලේෂණය කිරීම

No comments:

Post a Comment