පරිගණකයේ පරිණාමය (Evaluation of Computer)
- ඇබකසය (Abacus) මිනිසා තම ගණිත කටයුතු සඳහා භාව්තයට ගත් සරල ආකාරයේ උපකරණයකි.
- 1617 දී ස්කොට්ලන්තය ජාතික John Napierවිසින් ලඝුගනක සිද්ධාන්තය ලොවට හෙලිකලේය මෙයින් සංඛ්‍යා ගුණකිරිමේ කි‍්‍රයාවලිය පහසුවෙන්ම එකතු කිරිමකට පරිවර්තනය කල හැකිය (Napier Bonesඇත් දල තීරු)
- 1632 දී පමණ ලඝු ගණක සංකල්ප භාවිතා කරමින් එංගලන්තයේදී සර්පණ රූල (Slide Rule) නිර්මාණය විය.
- 1642 දී පමණ ප්‍රංශ ජාතික ගණිතඥයකු වු Blaise Pascal විසින් ගණිත කටයුතු පහසු කර ගැනීමට හැකිවූ ආකලන යන්ත්‍රය (Adding Machine) නිර්මානය කරන ලදී මෙය Pascaline ලෙසින් ද හඳුන්වයි මෙයින් (+) හා (-) කිරීම කල හැකි විණි.
- 1647 දී ජර්මානු ජාතික ගණිතඥයකු වූ Gottfried Wilhelm විසින් +, -, ÷, × සිදුකල හැකි ‘’ Step Reckoner’’ නිපදවීය.
- 1822 දී ඉංග්‍රිසි ජාතිකයකු වු Charles Babbage විසින් පලමු යන්ත්‍රික පරිගණකය ලෙස Difference Engine නිපදවීය.
- Joshep Jacquard 1801 දී පමණ රෙදි වියන යන්ත්‍රය (Mechanical Looms) නිපදවා සිදුරුකරන ලද කාඞ්පත් (Punched Cards ) හඳුන්වා දෙන ලදී.
- 1833 දී Charles Babbage විසින් සිදුරු කාඞ්පත සංකල්පය සැලකිල්ලට ගෙන Analytical Engine නිර්මානය කිරීමට උත්සාහ ගත් අතර මෙය කි‍්‍රයාත්මක කිරීමට මොහුට නොහැකි විය. නමුත් මෙහි ලක්ෂණ වූ Input, Process, Storing හා Output යන සංකල්ප පසුව නිර්මාණය වූ පරිගණකය සඳහා යොදා ගැනිණ. මේ නිසාම මොහු පරිගණකයේ පියා යනුවෙන් හඳුන්වයි.
- Ada Augusta Lovelace විසින් මෙම යන්ත්‍ර සඳහා අවශ්‍ය වැඩසටහන් සකස් කරනු ලැබීය. එමනිසා ඇය ප්‍රථම පරිගණක ක්‍රමලේඛන ශිල්පිනිය ලෙසද හඳුන්වයි.
- 1890 දී Harmon Hollerith සිදුරු පත් සංකල්පය භාවිතා කරමින් ඇමෙරිකානු ජන සංගණනය සිදු කෙරිණි. IBM (International Business Machines) ආයතනය මොහුගේ මැදිහත් වීමෙන් බිහිවිණි.
- 1944දී Howard Aiken විසින් IBM ආයතනය සමග එකතුවී Automatic Sequence Controlled Calculator නමි වූ උපකරණය නිර්මාණය කලේය. මෙය පසුව Mark Ι ලෙස හැඳින්විණි. Input සඳහා යතුරු ලියනයක් තිබූ අතර Output සඳහා Punch Cards තිබුණි.
- 1937-42 කාලයේදී බල්ගේරියානු ජාතික මහාචාර්ය John Vincent Atanasoff සහ Cliffort Berry විසින් Atanasoff- Berry Computer (ABC) නිර්මාණය කෙරුණි. මේ සදහා විද්‍යුත් සංඛ්‍යාංක යොදා ගෙන තිබුනත් සියලු වැඩ අවසන් කර නොතිබූ බැවින් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට නොහැකි විය.
- 1945 දී පමණ ගණිතඥයකු වූ John Von Neumann විසින් පරිගණක යන්ත්‍රයේ භෞතික වෙනස්කමි නොකර එහි තැන්පත් කරනු ලබන වැඩසටහන් මලින් විවිධාකාරවූ වැඩ කටයුතු කරගැනීමට හැකි සංකල්පයක් හඳුන්වා දෙන ලදී. අපි අද භාවිතා කරනු ලබන පරිගණක වල මෙම සංකල්පය යොදා ගනී.
- 1946 දී පෙනිසිල්වේනියා විශ්ව ව්ද්‍යාලයේ ව්ද්‍යුත් ඉංජිනේරු අංශය වූ මූර් පාසලේදී ලොව ප්‍රථම ව්ද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය ලෙස ENIAC (Electronic Numerical Integrator and Computer)බිහිවිය. මෙය සඳහා රික්තක නල 18000 ක් පමණ යොදා ගැණින. (John Meuchly & J. Prespor Eckert)
No comments:
Post a Comment